ශ්‍රී ලංකාවේ කාල අවකාශය

මෙම පාඨමාලාව වර්තමාන ශ්‍රී ලංකාවේ ඓතිහාසික නිෂ්පාදනය පිළිබඳව හැදෑරීමට කැමැති අයට ලබාදෙන අවස්ථාවකි. පාඨමාලාවඅවසානයේදී ඒ සඳහා සියලු සුදුසුකම් සපුරන්නන් හට සහතික පත්‍රයක් ලැබිය හැකිය.

සමකාලීන ශ්‍රී ලංකාවේ ඓතිහාසික නිෂ්පාදනය, විශේෂයෙන්ම එහි භෞමිකත්වය, නාගරික ව්‍යුහ, සහ අනෙකුත් නිර්මිත අවකාශ සහ ඒවායෙහි අර්ථයන් සැලකිල්ලට ගනිමින් හා යුරෝපීය යටත්විජිතවාදය කෙරෙහි අවධානය යොමු කරමින් අවකාශීය දෘෂ්ටියකින්විමර්ශනයට ලක් කෙරෙන අතර නිරීක්ෂණ හා තර්ක මාලාවක් ඔස්සේ ගොඩනැගෙන මෙම අධ්‍යයනය වර්තමාන ශ්‍රී ලාංකික අවකාශය සහ එහි ක්‍රියාකාරිත්වය කුළුගැන්වෙන ප්‍රධාන අංග සහ ව්‍යුහයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් සමඟ අවසන් වේ.

මෙම මාර්ගගත (Zoom) පාඨමාලාව පිරිනැමෙන්නේ කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව යහපත් අරමුණින්, ස්වේච්ඡාවෙනි. අප පන්තිය තුළදී භාවිත වනඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේදී කරුණු මතක තබා ගැනීමකට වඩා සිතමින්, දැනුම නිෂ්පාදනය කරමින්, හා දැනුමේ නව මානයන්ගවේෂණය කරමින් සක්‍රීය ලෙස ඔබ දායක වෙතැයි අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා: dulminimy@gmail.com